2015 වසරේදී රට කිරෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය යටතේ මෙම ගොවිපල නවීන කිරි ගොවිපලක් ලෙස නවීකරණය කරන ලද අතර ජර්සි x ෆ්‍රිසියන් දෙමුහුම් සහ නුමුහුම් ජර්සි යන වර්ගවල යුරෝපීය වර්ගයේ කිරි ගවයන් 2,500ක් ආනයනය කරන රදවන ලදී. මෙම වැඩසටහන යටතේ සුක්ෂම කිරිගව කළමනාකරණ සදහා අවශ්‍ය සියලුම යටිතල පහසුකම් ගොවිපලට හඳුන්වා දී ආනයනය කරන ලද සතුන්ගේ වියළි පදාර්ථ අවශ්‍යතාවයට සහ ඔවුන්ගේ පැටවුන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරාලීම සඳහා හෙක්ටයාර 662ක තණබිම් වගා කර සංවර්ධනය කරන ලදී.

දේශගුණය වියළි ස්වභාවයක් ගන්නා අතර සාමාන්‍ය උෂ්ණත්වය 27ºC වේ. ආර්ද්‍රතාවය 70% සිට 80% දක්වා වන අතර වැසි දින 60 සිට 100 දක්වා වේ. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1000 සිට 2500 දක්වා වේ. පස් වර්ගය රතු දුඹුරු වන අතර පසෙහි pH අගය 5.5 සිට 6.5 දක්වා වෙනස් වේ.
- කිරි ගොවීන්ට සහ වියළි කලාපයේ මහා පරිමාණ නවීන වාණිජ කිරි නිෂ්පාදකයන් සදහා ගව පැටවුන් නිකුත් කිරීම සඳහා නුමුහුම් ජර්සි සහ ෆ්‍රීසියන් x ජර්සිදෙමුහුම් ගවයන් නඩත්තු කිරීම.
- පොල් වගාව කාර්යක්ෂමව නඩත්තු කිරීම.
- උපාධි අපේක්ෂකයින්ට / ඩිප්ලෝමාධාරීන්ට කිරිගව පාලනය පිළිබද පුහුණුව සඳහා පහසුකම් සැපයීම.
2012/2013 දී ශ්‍රී ලංකා කිරිගව සංවර්ධන ව්‍යාපෘතිය අදියර I ක්‍රියාත්මක කිරීමෙන් පසු ඉහළ නිෂ්පාදන විභවයක් සහිත යුරෝපීය වර්ගයේ ගවයින් 2,000 ක් නැවත වරක් ශ්‍රී ලංකාවට ආනයනය කර දැනට සාර්ථකව කළමනාකරණය කරන බෝපත්තලාව, ඩයගම හා මැණික්පාලම යන උඩරට කලාපයේ ගොවිපලවල් තුනෙහි (03) රදවා ඇත. පසුව 2015 වසරේ දී NLDB විසින් නැවත වරක් කිරි ගවයින් 2,500 ක කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේන් ආනයනය කර දකුණු පළාතේ රිදියගම ගොවිපලෙහි රදවන ලදී.
ඉහත ආනයනයට සමගාමීව මණ්ඩලය විසින් රිදියගම ගොවිපලේ තණබිම් සංවර්ධනය, ගව ගාල් ඉදිකිරීම, ගබඩා පහසුකම් සැදීම, නවීන යන්ත්‍ර සූත්‍ර හා උපකරණ හඳුන්වාදීම ආදී සියලුම යටිතල පහසුකම් සංවර්ධනය කර ඇත.
කිරි ගවයින් 2500ක් ආනයනය කිරීමෙන් පසු 2016 වසරේ සිට වාර්ෂිකව කිරි ලීටර් මිලියන 10.0ක් පමණ නිපදවිය හැකි ශ්‍රී ලංකාවේ විශාලතම කිරි ගොවිපල බවට රිදියගම ගොවිපල පත් වනු ඇත. ඊට අමතරව වසු පැටවුන් 600-700ක් පමණ මෙම ව්‍යාපෘතිය මගින් වාර්ෂිකව මහජනතාවට නිකුත් කිරීමට බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකා කිරිගව සංවර්ධන ව්‍යාපෘතියේ I සහ II අදියර දෙක සම්පූර්ණ කිරීමෙන් පසු 2018 වසර අවසන් වන විට NLDB හි සමස්ත වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 3.0 සිට ලීටර් මිලියන 14.0 දක්වා ඉහළ යනු ඇත. ජාතික කිරි නිෂ්පාදනය සඳහා 2018 අවසන් වන විට NLDB හි සමස්ථ දායකත්වය 4% පමණ වේ.